අනුරාධපුර වලසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී අද (18) උදෑසන සිදු වූ රිය අනතුරකින් පියකු සහ දියණියක් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සම්පත් වඩුගේ නිරන්ජන් ඩේමියන් ද සිල්වා නැමති 56 හැවිරිදි , සත්ව සංවර්ධන උපදේශක වරයෙකු සහ ඔහුගේ දියණිය වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි 17 පාසල් සිසුවියකි.
‘සිසු සැරිය’ පෞද්ගලික පාසල් බස් රථයක් උතුරු මැද පළාත් සභාව දෙස සිට වලිසිංහ හරිස්චන්ද්‍ර මාවත ඔස්සේ ශාන්ත ජෝශප් විද්‍යාලය දෙසට ගමන් කරමින් තිබියදී, එම පියා සහ දියණිය ගමන් කල යතුරු පැදිය අතුරු මාර්ගයක සිට එක්වරම ප්‍රධාන මාර්ගයට ඇතුලත් කිරීමේදී, යතුරු පැදිය බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පියා ශෛල්‍ය කර්ම කිහිපයකට භාජනය කල බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
යතුරු පැදියෙන් දියණිය පාසලට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
“සිසු සැරිය” පාසල් බස් රථයේ රියදුරා මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.