Home » මස්කෙළියේ දී අතුරුදහන් වූ රථය වවුනියාවෙන් මතුවෙයි

මස්කෙළියේ දී අතුරුදහන් වූ රථය වවුනියාවෙන් මතුවෙයි

by yasara
November 18, 2024 11:44 am 0 comment

මස්කෙළිය ප්‍රාදේශීය සභා කාර්යාලය අසල නවතා තිබුය දී  පසුගිය 09 වන දින පැහැර ගෙන යනු ලැබූ ඩොල්ෆින් වර්ගයට අයත් වෑන් රථය වවුනියාය ප්‍රදේශයේ නිවසක් තුල සගවා තිබිය දීී හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙයි.

කහවත්ත ප්‍රදේශයේ පිරිසක් මස්කෙළිය ප්‍රදේශයේ උත්සවයක් සදහා පිරිසක් රැගෙන පැමිණි මෙම මෝටර් රථය  මස්කෙළිය ප්‍රාදේශීය සභා කාර්යාලය අසල නවතා තිබියදි පසු ගිය 09වන දින අලුයම් කාලයේදි යම් කිසි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබුණි.

එම වෑන් රථය එසේ පැහැර ගෙන යාමත් සමග ඒ පිලිබදව මස්කෙළිය පොලිසියට පැමිණිලි කිරිමෙන් අනතුරුව මස්කෙළිය පොලිසිය විසින් මේ පිලිබදව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා වෙත වාර්තා කිරිමට පියවර ගෙන තිබෙයි.

එම දැනුම්දිම මත හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා විසින් මේ පිළිබඳව පරික්ෂණ මෙහෙය විම සදහා කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශට බාර දිමෙන් පසුව මේ පිලිබදව පරික්ෂ මෙහෙයවා ඇත

මෙම වැන් රථය පැහැර ගෙන යාමට සම්බන්ද බවට සැකපිට කහවත්ත ප්‍රදේශයේදි එක් අයකු අත් අඩංගුවට ගත් ගෙන තිබෙයි

එසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිමේදි මෙම වැන් රථය වව්නියාව මාන්කුලම් මල්ලාවිය ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි සොයා ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT