මහමැතිවරණයට තරග කර පරාජය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පුත්තලමේ ත්‍රිරෝද රථ රියැදුරන්ට දුන් පොරොන්දුවක් මත ත්‍රීරෝද ටයර් ප්‍රදානය කිරීමක් පෙරේදා (16) ඔහුගේ කාර්යාලයේදී සිදු කෙරිණි.
අලි සබ්රි රහිම් මහතා මෙවර එක්සත් ජාතික සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කළේය.
මෙවර ඡන්දයට පෙනී සිටින තමා ජයග්‍රහණය කළත් නොකළත් පුත්තලමේ ත්‍රීරෝද රථ රියැදුරන් 200කට එක් ටයරය බැඟින් දෙන බවට පොරොන්දුවක් දී තිබූ අතර, මේ ත්‍රීරෝද සඳහා ටයර් පිරිනැමීම සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ තමාට විවේකය ගත කරන්න ජනතාව කාලය දී තිබෙන නිසා සුළු කාලයක් විවේකීව සිට නැවත දේශපාලනයට පැමිණෙන බවයි.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ