Home » ජනතා අවශ්‍යතා ඉටු කරන්න නුවරඑළියේ බලය ජාතික ජන බලවේගයට හිමි වුණා

ජනතා අවශ්‍යතා ඉටු කරන්න නුවරඑළියේ බලය ජාතික ජන බලවේගයට හිමි වුණා

-නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට තේරුණු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි

by sachintha
November 18, 2024 1:54 am 0 comment

 

ඉතිහාසයේ පළමු වරට තොණ්ඩමන්, දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන්ගේ බළකොටුවක් වශයෙන් පැවැති නුවරඑළිය දිස්ත්‍රික්කයේ බලය ජාතික ජන බලවේගයට ගැනීමට මෙවර මහමැතිවරණයෙන් හැකි වු බව එම පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙණෙවිය පැවැසුවාය.

ඇය මේ බව පැවැසුවේ හැටන් නගරයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පෙරේදා (16) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“මැතිවරණ සමයේදී වතුකරයේ ජනතාව අතරට පැමිණෙන දේශපාලනඥයන් වතුකරයේ ජනතාව රවටා ඡන්දය ගෙන ජනතාවගේ අවශ්‍යතා කිසිවක් ඉටු කළේ නෑ. මේ නිසා මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂකයන් දිනවීමට සියලු ජනතාව කටයුතු කළා. එම ජනතාව ජාතික ජන බලවේගය කරා තිබු විශ්වාසය බිඳ නොහෙලා ඉටු කිරීමට කැප වී කටයුතු කරනවා.”

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT