අවිවාහක මන්ද මානසික තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන් වරයකු, ත්‍රී රෝද රථයක් සමග පෙරේදා (14දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්තව සේවය කල , 41 හැවිරිදි සැරයෙන් වරයෙකි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පොලිස් වසමේම පදිංචි 27 හැවිරිදි තරුණියකි.
වින්දිත දැරිය, අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දිය නෑමට යමින් සිටි මව විසින් දියණිය ත්‍රී රෝද රථයක නැගී ගමන් කරන අයුරු දැක සොයා බැලීමේදී මෙම සිද්ධිය ප්‍රථමයෙන් අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
පසුව සොයා බැලීමේදී පස්වරු 3ට පමණ නිවසින් ගිය තරුණිය, සවස 6.30ට පමණ පොලිස් නිලධාරියා සමග ත්‍රීරෝද රථයෙන් නිවසට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව මන්ද මානසික ආබාධයක් සහිත තරුණියක්, නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව යටතේ සැරයෙන්වරයාඅද (18 ) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.