Home » මගීන් 99දෙනකු රැගත් ගුවන්යානයකට ඩලාස් ගුවන්තොටේදී වෙඩි ප්‍රහාරයක්

මගීන් 99දෙනකු රැගත් ගුවන්යානයකට ඩලාස් ගුවන්තොටේදී වෙඩි ප්‍රහාරයක්

by sachintha
November 18, 2024 1:58 am 0 comment

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් අගනුවර වෙත පියාසර කිරීමට නියමිත වූ එම ගුවන් යානයේ දකුණුපස පියාසර තට්ටුවට පහළින් එම වෙඩි ප්‍රහාරය වැදී ඇති අතර, කිසිදු මගියකුට තුවාල සිදු නොවූ බව ඩලාස් ගුවන්තොටුපොළේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

කෙසේ වුවද වෙඩි පහරින් පසු එම ගුවන් යානය නැවත හරවා මගී ප්‍රවේශ දොරටුව වෙත ගොස් ඇතැයි ද, සියලු මගීන් ගොඩබස්වා පූර්ණ පරීක්ෂණයකට ලක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගුවන් යානයට වෙඩි වැදීමේ සිදුවීම වාර්තා වීමත් සමඟ ධාවන පථය තාවකාලිකව වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබූ අතර, පසුව එය නැවත විවෘත කළ බව වාර්තා වේ. මෙය අහඹු ලෙස සිදුවූ වෙඩි තැබීමක් බවට පොලිසිය සැක කර ඇති අතර, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT