Home » කිලෝමීටර් දාහක දුරකට එල්ල කළ හැකි බැලැස්ටික් මිසයිලයක් ඉන්දියාවෙන්

කිලෝමීටර් දාහක දුරකට එල්ල කළ හැකි බැලැස්ටික් මිසයිලයක් ඉන්දියාවෙන්

by sachintha
November 18, 2024 1:57 am 0 comment

කිලෝමීටර් දහසක පමණ දුර ස්ථානගත කර ඇති යුද නෞකා හෝ ප්‍රහාරක ගුවන්යානා රඳවන යාත්‍රාවලට එල්ල කළ හැකි දුරදිග බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිලය ඉදිරි දින කිහිපය ඇතුළත අත්හදා බැලීමට ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අත්හදාබැලීමට නියමිත නව බැලැස්ටික් මිසයිලය නැව්වල හෝ වෙරළ තීරයේ සිට ක්‍රියාත්මක කළ හැකි බවත්, එය සතුරු නෞකා ඉලක්ක කිරීමට ඉන්දීය නාවික හමුදාව සඳහා නිෂ්පාදනය කිරීමට එරට ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉන්දීය ගුවන් හමුදාව සහ යුද හමුදාව ද බැලැස්ටික් මිසයිල ඇණවුම් කිරීමත් සමඟ ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාවලට දුරදිග මෙහෙයුම් මිසයිල අවශ්‍යතාව ඉහළ ගොස් ඇතැයි ද, ලොව පුරා රටවල් රැසක හමුදා මේ වනවිටත් දුරදිග මිසයිල භාවිත කිරීමට යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT