Monday, April 21, 2025
Home » විභාගය අසමත්වීමෙන් කලකිරුණු චීන සිසුවකුගේ පිහි ඇනුමෙන් 8කට දිවි අහිමි වෙයි – තවත් 17කට තුවාල

විභාගය අසමත්වීමෙන් කලකිරුණු චීන සිසුවකුගේ පිහි ඇනුමෙන් 8කට දිවි අහිමි වෙයි – තවත් 17කට තුවාල

by sachintha
November 18, 2024 1:56 am 0 comment

නැඟෙනහිර චීනයේ වෘත්තීය අධ්‍යාපන විද්‍යාලයක 21 හැවිරිදි සිසුවකු විභාගය අසමත්වීමෙන් දැඩි කෝපයට පත්වී සිදු කළ මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම පිහි ඇනුම සිදු කර ඇත්තේ නැඟෙනහිර චීනයේ ජියැංෂූ ප්‍රාන්තයේ පිහිටි වූෂි කලා හා තාක්ෂණ වෘත්තීය අධ්‍යාපන විද්‍යාලයේ සිසුවකු වන බවත්, ඔහු අවසන් විභාගය අසමත්වීමෙන් උපාධිය අහිමිවීමෙන් දැඩි සිත් තැවුලට පත්ව එම පිහි ඇනුම සිදු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අදාළ සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සීමාවාසික පුහුණුවේදී ඔහුට ලැබුණු දීමනාව ද ප්‍රමාණවත් නොවීම නිසා කලකිරීමට පත්ව සිටි බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT