Sunday, April 20, 2025
Home » ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

by sachintha
November 18, 2024 1:12 am 0 comment

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිය.

මින් පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය එදින සවස 3ට ඉදිරිපත් කරන බව සඳහන් කර තිබුණද එම වෙලාව පෙ.ව 11.30 ලෙස සංශෝධනය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ඊයේ (17) නිවේදනය කළේය.

ස්වර්ණා විජේකෝන්, සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT