ඔස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් ලීග් තරගාවලියේ 5 වැනි ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම ඊයේ සමත් විය.
ඊයේ මෙල්බන්හිදී පැවති තරගයේ දී සිඩ්නි පිල හමුවේ පර්ත් ස්කොචර්ස් පිල කඩුලු 7කින් පරාජයට පත් විය. මේ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින සිඩ්නි තන්ඩර් කණ්ඩායම ජයග්‍රහණ 5ක් සමඟ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ නංවා ගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් පර්ත් පිල ලකුණු 171ක ඉලක්කයක් ලබා දුන් අතර, 19 වැනි ඕවරයේදී එය සපුරාගත් සිඩ්නි පිලට අහිමි වූයේ කඩුලු 3ක් පමණි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිනි ජෝර්ජියා වෝල් නොදැවී ලකුණු 97ක් රැස් කළේ හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟ පන්දු 56කිනි. හෙදර් නයිට් ලකුණු 28ක් රැස් කළාය.
ජෝර්ජියා සමඟ ඉනිම ඇරඹූ චමරි අතපත්තු දුවද්දි දැවී යෑමට හසුවන විට රැස් කර තිබුණේ ලකුණු 9ක් පමණි.
පර්ත් පිල වෙනුවෙන් බෙත් මූනී පන්දු 64කින් ලකුණු 97ක් සහ සොෆියා ඩේවින් ලකුණු 44ක් රැස් කළහ. පන්දු යැවීමේදී ටැනේලේ පෙෂෙල් කඩුලු 3ක් සහ ෂබ්නිම් ඉස්මයිල් කඩුලු 2ක් දවාගත් අතර, ඕවර 3ක් ක්‍රියාත්මක කළ චමරි අතපත්තුට කඩුලු දවා ගැනීමට නොහැකි වූවාය.