Monday, April 21, 2025
Home » යුද හමුදා අන්තර් රෙජි­මේන්තු මුයි­තායි පිරිමි ශූර­තාව විජ­ය­බාහු පාබළ රෙජි­මේ­න්තු­වට

යුද හමුදා අන්තර් රෙජි­මේන්තු මුයි­තායි පිරිමි ශූර­තාව විජ­ය­බාහු පාබළ රෙජි­මේ­න්තු­වට

by Gayan Abeykoon
November 16, 2024 1:13 am 0 comment

බළ­පි­ටිය විශේෂ ජය­කාන්ත ලිය­නගේ

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජි­මේන්තු මුයි­තායි පිරිමි තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට විජ­ය­බාහු පාබළ රෙජි­මේ­න්තුව සමත් වූ අතර, අනු­ශූ­ර­තාව ගජබා රෙජි­මේ­න්තු­වට හිමි විය.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජි­නේරු බළ­කාය සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළ­කාය සමව තෙවැනි ස්ථාන­යන් හිමි­කර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමු­දාවේ මුයි­තායි කමි­ටුව විසින් සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලිය පනා­ගොඩ යුද හමුදා බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණයේ දී  පැවැ­ත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමු­දාවේ රෙජි­මේන්තු 12කට අයත් ක්‍රීඩ­කයෝ 167 දෙනෙක් මේ සඳහා සහ­භාගි වූහ.

රන් පද­ක්කම් 8ක්, රිදී පද­ක්කම් 5ක් සහ ලෝකඩ පද­ක්කම් 6ක් දිනා ගනි­මින් විජ­ය­බාහු පාබළ රෙජි­මේ­න්තුව ශූර­යන් බවට පත් වූයේ අඛ­ණ්ඩව තුන්වැනි වර­ටය. රන් පද­ක්කම් 4ක් රිදී පද­ක්කම් 4ක් සහ ලෝකඩ පද­ක්කම් 8ක් අනු­ශූ­ර­තාව දිනා ගත් ගජබා රෙජි­මේ­න්තුව දිනා­ගෙන තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදා මුයි­තායි කමි­ටුවේ සභා­පති බ්‍රිගේ­ඩි­යර් කේ.ඩී.එම්.එල්. සම­ර­දි­වා­කර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කුස­ලාන හා සහ­තික ප්‍රදා­නය සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT