ත්‍රිරෝද රථයකින් හිමිනමක් ඡන්දය ප්‍රකාශ කිරීමට යමින් සිටියදී තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ සෙවණගම හන්දිය අසලදී එම ත්‍රිරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් පෙරේදා (14) සවස 2ට පමණ සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තවත් හිමිනමක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තිස්සමහාරාමය පොලීසිය කියයි.
මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කලවානේ සද්ධාරත්න (81) හිමියන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අපවත් වී ඇත.
එම ත්‍රිරෝද රථයේම ගමන් ගත් ලත්පඳුරේ රතනවංශ (74) හිමියෝද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
ත්‍රිරෝද රථයේ රියැදුරු වන ප්‍රියන්ත කැළුම් තුෂාර (47) යන අයද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට ලක් වූ මෝටර් රථයේ රියැදුරු තිස්සමහාරාමය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හිමිවරුන් දෙනම කතරගම වල්ලිකන්දරාමයේ සිට තිස්සමහාරාමයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. තිස්සමහාරාමය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරයි.