40
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝණි 27ක්, කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, මුසල්පිටිය කළපු තීරයේ සඟවා තිබියදී මැතිවරණ ජංගම සංචාර රාජකාරියේ නිරතව සිටි කල්පිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ජංගම සංචාර රාජකාරියේ නිරත නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. ගෝණි 27 තුළ මත් කරල් 442060 සංඛ්‍යාවක් වූ අතර එහි දළ වටිනාකම කෝටි දහයකට අධික බව කල්පිටිය පොලීසිය පවසයි.