Wednesday, April 23, 2025
Home » බස් රථයේ රියැ­දු­රුගේ නොසැ­ල­කිල්ල ජීවිත තුනක් බිලි­ගනී
මාතලේ විල්ගමු බස්-වෑන් අන­තුර

බස් රථයේ රියැ­දු­රුගේ නොසැ­ල­කිල්ල ජීවිත තුනක් බිලි­ගනී

by Gayan Abeykoon
November 16, 2024 1:04 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

මාතලේ ලග්ගල එළ­ව­නා­කන්ද ප්‍රදේ­ශ­යේදී ඉකුත් 14 වෙනිදා රාත්‍රී බස් රථ­යක් සහ වෑන් රථ­යක් මුහු­ණට මුහුණ ගැටී සිදු වූ අන­තු­රෙන් තුවාල ලැබූ 15 දෙනකු විල්ග­මුව සහ මහි­යං­ග­ණය රෝහ­ල්වල තව­දු­ර­ටත් ප්‍රති­කාර ලබ­මින් සිටින බව විල්ග­මුව පොලී­සිය සඳ­හන් කරයි.

මෙම අන­තු­රින් වෑන් රථයේ ගමන් ගත් පුද්ග­ල­යකු තුවාල ලබා විල්ග­මුව රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් ඇති අතර බස් රථයේ ගමන් ගත් දෙදෙ­නකු ද මිය­ගිය බව පොලී­සිය කියයි.

මෙම මාරක අන­තු­රින් මිය­ගොස් ඇත්තේ, වෑන් රථයේ ගමන් ගත් 44 වියැති අංක 2128 විල්ග­මුව, හෙට්ටි­පොළ ලිපි­නයේ පදිං­චිව සිටි පේර­වත්තේ මෙගොඩ ගෙදර මහේෂ් ප්‍රියං­කර ජය­ව­ර්ධන, කොළඹ බ්ලූමැ­න්ඩල් ඩී 02 /14 ලිපි­නයේ පදිං­චිව සිටි 31 හැවි­රිදි රාම­නා­දන් ඇන්තනී රාජ­සේ­කර සහ ගම්පහ නාර­ම්වල අංක 219/08 ලිපි­නයේ පදිං­චිව සිටි 30 හැවි­රිදි කොඩි­තු­වක්කු ආර­ච්චි­ලාගේ මදු­නෙත් ගයාන් ප්‍රිය­ද­ර්ශන යන අය බව විල්ග­මුව පොලී­සිය පව­සයි. තුවාල ලැබූ සෙසු පිරිස කොළඹ කොට­හේන ප්‍රදේ­ශයේ සහ අවට ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් වන අතර මෙම පිරිස වස්ග­මුව ජාතික වනෝ­ද්‍යාන නරඹා ආපසු යමින් සිටි­යදි මෙම අන­තු­රට මුහුණ පා ඇති බවද පොලී­සිය කියයි.

මෙම අන­තු­රට හේතුව බස් රථයේ රියැ­දු­රුගේ අප­රී­ක්ෂා­කාරී සහ නොසැ­ලි­කි­ලි­මත් රිය ධාව­නය බවත්, සිද්ධි­යට සම්බන්ධ බස් රථයේ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගැනී­මට කට­යුතු කර ඇති බවත් විල්ග­මුව පොලී­සිය සඳ­හන් කරයි.

අන­තු­රෙන් පසු බස් රථය අඩි හත­ළි­හක් පමණ ප්‍රපා­ත­යට වැටී­මත් සමඟ බස් රථයේ සිරවී සිටි තිදෙ­නෙ­කුගේ ජීවිත බේරා­ගැ­නී­මට යුද හමු­දා­වට, මෙන්ම ප්‍රදේ­ශ­වා­සීන්ට පැය ගණ­නා­වක් වෙහෙස මහ­න්සි­යක් වීමට සිදු වූ බවද පොලී­සිය කියයි.

මෙම අන­තුර සිදු­වන විට බස් රථයේ විසි දෙනකු සහ වෑන් රථයේ පස්දෙ­නකු ගමන් කර ඇති බවට මූලික පරී­ක්ෂ­ණ­ව­ලින් තහ­වුරු වී තිබේ.

අන­තු­රින් තුවාල ලබා විල්ග­මුව සහ මහි­යං­ගණ රෝහ­ල්වල ප්‍රති­කාර ලබන අයගේ තත්ත්වය එත­රම් බර­ප­තළ නොවන බවත්, සුළු තුවාල ලබා සිටි කීප­දෙ­නෙකු ප්‍රති­කාර ගෙන පිටව ගොස් ඇති බවද රෝහල් ප්‍රකා­ශ­ය­ක­යෙකු අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.

මෙම අන­තුර සම්බ­න්ධව වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු විල්ග­මුව පොලී­සිය විසින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT