තායිලන්තයේ සිට නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන පැමිණි රුපියල් මිලියන 186ක් පමණ වටිනා ගංජා (කුෂ්) කිලෝ 22ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් පිරිසක් පෙරේදා (14) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ සිට පැමිණි ගංජා (කුෂ්) නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ග්‍රීන් චැනලයේ ගමන් කළ කාන්තාවක් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයගේ ගමන් මලුවල සඟවා තිබියදීය.
මෙම කාන්තාව තායිලන්ත විදේශ ගමන් බලපත්‍රයක් ඇති අයෙක් වන අතර පෙරේදා රාත්‍රී 11.55ට පමණ තායි ගුවන් සේවයට අයත් TG 307 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. සැකකාර කාන්තාවගේ වයස අවුරුදු 37කි.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සිදුකරන විමර්ශනයෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.