Home » මිලි­යන 186ක් වටිනා කුෂ් කිලෝ 22ක් ගෙන ආ කත ගුවන්තොටේදී දැලේ

මිලි­යන 186ක් වටිනා කුෂ් කිලෝ 22ක් ගෙන ආ කත ගුවන්තොටේදී දැලේ

by Gayan Abeykoon
November 16, 2024 1:13 am 0 comment

සුභා­ෂිණි සේනා­නා­යක, කටු­නා­යක ටී.කේ.ජී - කපිල

තායි­ල­න්තයේ සිට නීති විරෝධී අයු­රින් මෙර­ටට රැගෙන පැමිණි රුපි­යල් මිලි­යන 186ක් පමණ වටිනා ගංජා (කුෂ්) කිලෝ 22ක් බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළේදී මත්ද්‍රව්‍ය පාලන ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් පෙරේදා (14) රාත්‍රී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

තායි­ල­න්තයේ සිට පැමිණි ගංජා (කුෂ්) නමැති මත්ද්‍රව්‍ය තොග­යක් සමඟ ග්‍රීන් චැන­ලයේ ගමන් කළ කාන්තා­වක් මෙලෙස සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඇයගේ ගමන් මලු­වල සඟවා තිබි­ය­දීය.

මෙම කාන්තාව තායි­ලන්ත විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් ඇති අයෙක් වන අතර පෙරේදා රාත්‍රී 11.55ට පමණ තායි ගුවන් සේව­යට අයත් TG 307 දරණ ගුවන් යාන­යෙන් ශ්‍රී ලංකා­වට පැමිණ ඇත. සැක­කාර කාන්තා­වගේ වයස අවු­රුදු 37කි.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවා­රණ ඒක­කය සිදු­ක­රන විම­ර්ශ­න­යෙන් අන­තු­රුව වැඩි­දුර පරී­ක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යට භාර දී ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT