Home » මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කළ 60ක් අත්අ­ඩං­ගු­වට

මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කළ 60ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
November 16, 2024 1:14 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

මැති­ව­ර­ණය පැවති පෙරේදා (14) දිනයේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් ඇතුළු සිදු­වීම් සම්බ­න්ධ­යෙන් පොලී­සිය පුද්ග­ල­යන් 60කට ආසන්න පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

කුරු­ණෑ­ගල කාර්මික විද්‍යා­ලයේ පැවති ඡන්ද ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­නයේ ප්‍රධාන දොර­ටු­වෙන් පොලිස් අණ නොත­ක­මින් අන­ව­ස­ර­යෙන් ජිප් රථ දෙකක් ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­නය වෙත පෙරේදා රාත්‍රී කාලයේ ඇතුළු වී තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් එක් ජීප් රථ­යක රියැ­දුරු ලෙස කට­යුතු කළ දළ­දා­ගම නග­රයේ පිහිටි හෝට­ල­යක පදිංචි ලිපි­නය ලෙස සඳ­හන් 25 හැවි­රිදි පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

දෙවැනි ජීප් රථයේ රියැ­දුරු ජීප් රථය දමා පලා­ගොස් ඇත. විම­ර්ශ­න­යේදී හෙළිවී ඇත්තේ එම ජීප් රථය අත­හැර පලා­ගිය පුද්ග­ලයා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යකු වන දළ­දා­ගම පිහිටි අදාළ හෝට­ලයේ හිමි­කරු බවයි.

කල්පි­ටිය පොලිස් බල ප්‍රදේ­ශයේ මැති­ව­ර­ණ­යට අදාළ සිදු­වීම් දෙකක් වාර්තා වී ඇති අතර එයින් පළමු සිදු­වීම වාර්තා වී ඇත්තේ එක්සත් ජාතික සංධා­නයේ පුත්ත­ලම දිස්ත්‍රික් අපේ­ක්ෂ­ක­යෙක් වන හයි­දර් අලි මොහො­මදු පර්සාන් මහතා ඡන්දය ලබා­දීම වෙනු­වෙන් මුදල් බෙදා දීමකි. මෙම අපේ­ක්ෂ­ක­යාව පොලී­සි­යට භාරදී ඇත්තේ ප්‍රදේ­ශ­වා­සීන් රඳවා ගැනී­මෙන් අන­තු­රු­වය. ඔහු සතුව ඒ වන විට රුපි­යල් 97,200ක මුද­ලක්ද තිබී ඇත. කල්පි­ටියේ මැති­ව­ර­ණ­යට අදාළ දෙවැනි සිදු­වීම වාර්තා වන්නේ සමගි ජන බල­වේ­ගය පක්ෂයේ අපේ­ක්ෂ­ක­යකු සහල් බෙදා දීමකි. සහල් කිලෝ 05 බැගින් වූ කවර 17ක් ප්‍රදේ­ශ­වා­සීන් සොයා­ගෙන පොලී­සි­යට භාරදී තිබේ.

කාත­න්කු­ඩිය ඡන්ද ම්‍යස්ථා­න­යක දී අවු­රුදු 71ක් වය­සැති කාන්තා­වක් ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රි­ය­කුගේ සහාය ඡන්දය සල­කුණු කිරී­මට ඉල්ලා ඇති අව­ස්ථා­වේදී ඇය ඉල්ලා සිටි පක්ෂය නොවන පක්ෂ­ය­කට ඡන්දය සල­කුණු කිරී­මක් සම්බ­න්ධ­යෙන්ද පොලී­සි­යට පැමි­ණි­ල්ලක් ලැබී ඇත. මේ සම්බ­න්ධ­යෙන් වහාම ක්‍රියා­ත්මක වූ මඩ­ක­ල­පුව තේරී­ම්භාර නිල­ධා­රියා එම නිල­ධා­රි­යාව ඉවත් කිරී­මට කට­යුතු කර ඇති අතර ඇයට අලුත් ඡන්ද පත්‍රි­කා­වක් ලබා දීමට ද පිය­වර ගෙන තිබේ.

වාද්දූව පොතු­පි­ටිය පූජා­රා­මය විහා­ර­ස්ථා­නයේ පැවති ඡන්ද මධ්‍ය­ස්ථා­න­යේදී ඡන්ද දාය­ක­යකු ඔහු ඡන්දය සල­කුණු කරන පක්ෂයේ යම් අපේ­ක්ෂ­ක­ය­කුගේ මනාප අංකය මැති­ව­රණ රාජ­කා­රියේ නිර­තව සිටි කාර්ය මණ්ඩ­ල­යෙන් විමසා ඇති බව පොලී­සිය සඳ­හන් කරයි. එය ලබා­දීම කාර්ය මණ්ඩල නිල­ධා­රීන් ප්‍රති­ක්ෂේප කිරීම හේතු­වෙන් උරණ වූ එම ඡන්ද දාය­කයා ඡන්ද පත්‍රි­කාව ඉරා දමා ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ කළ­හා­කාරී ලෙස හැසි­රීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

බේරු­ව­ලද ඡන්දය පැවති දින සිදු­වීම් දෙකක් වාර්තා වී තිබේ. පළමු සිදු­වීම බේරු­වල නලිම් හාජ්ජි­යාර් මුස්ලිම් බාලිකා විද්‍යා­ලයේ පැවති ඡන්ද මධ්‍ය­ස්ථා­න­යේදී සිදුව ඇත. එනම් ඡන්දය ප්‍රකාශ කිරී­මට පැමිණ ඡන්ද පත්‍රි­කාව ජංගම දුර­ක­ත­න­ය­කින් ඡායා­රූප ගත කළ පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මකි. අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ වයස අවු­රුදු 35ක් වන පුද්ග­ල­යෙක් බව පොලී­සිය කියයි. බේරු­වල එදි­රි­ල්ල­ගොඩ අල් හසි­නියා මහා විද්‍යා­ලයේ ඡන්ද මධ්‍ය­ස්ථා­න­යේදී ද ඡන්ද පත්‍රි­කාව ඡායා­රූ­ප­ගත කළ පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඔහු අවු­රුදු 22ක් වය­සැති තරු­ණ­යෙකි.

නල්ල­ත­න්නි­යේදී සහ­කාර තේරී­ම්භාර නිල­ධා­රි­ව­රයා ඡන්ද මධ්‍ය­ස්ථාන පරී­ක්ෂා­වට ගමන් කළ කැබ් රථ­යට බීමත් පිරි­සක් විසින් පහ­ර­දී­මක් ද වාර්තා වී ඇත. ඒ සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට ගත් බව නල්ල­ත­න්නිය පොලී­සිය පව­සයි. හැටන් පොල්පි­ටිය පොලිස් වසමේ මිනු­ව­න්දෙ­නිය ඡන්ද මධ්‍ය­ස්ථා­න­යේදී වයස අවු­රුදු 68ක කාන්තා­වක් ඡන්දය ප්‍රකාශ කිරී­මට ගොස් ඡන්ද මධ්‍ය­ස්ථාන ස්ථානා­ධි­ප­ති­ගෙන් ඡන්ද පත්‍රි­කාව සල­කුණු කිරී­මට සහාය ඉල්ලා ඇත. එහිදී එම ඡන්ද මධ්‍ය­ස්ථා­නා­ධි­පති තමා ඉල්ලා සිටි පක්ෂය වෙනු­වට වෙනත් පක්ෂ­ය­කට ඡන්දය සල­කුණු කළ බවට එම කාන්තාව කෑ ගසා කල­හ­කාරී ලෙස හැසි­රෙ­මින් පොලී­සි­යට පැමි­ණිලි කර තිබේ.

අක්මී­මන හියාරේ මහා විද්‍යා­ලයේ පැවති ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට ඡන්දය ප්‍රකාශ කිරී­මට පැමිණි පුද්ග­ල­ය­කුගේ ජංගම දුර­ක­ත­න­යට ලද ඇම­තු­ම­කට අනුව ප්‍රති­චාර දැක්වී­මට යන අව­ස්ථා­වේදී ඡන්ද­පොළ ස්ථානා­ධි­පති එයට ප්‍රති­චාර දැක්වීම මෙම අව­ස්ථා­වේදී කළ නොහැකි බවට දැන්වී­මේදී එම පුද්ග­ලයා ඔහු අත තිබූ ඡන්ද පත්‍රි­කාව ඉරා දමා ඇත. ඒ සම්බ­න්ධ­යෙන් වයස අවු­රුදු 47ක් වන හියාරේ පදිං­චි­ක­රු­වෙක් අක්මී­මන පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මීටි­යා­ගොඩ බේර­තු­ඩුව කනිෂ්ඨ විද්‍යා­ලයේ පැවති ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට ඡන්දය ප්‍රකාශ කිරී­මට පැමිණි පුද්ග­ල­යකු ඡන්ද පත්‍රි­කාව සල­කුණු නොකර ඉරා කල­හා­කාරී ලෙස හැසිරී තිබේ. වයස අවු­රුදු 72ක් වන එම පුද්ග­ල­යාව පොලී­සි­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

පොතු­විල් පස­ර­ව්චේන උප තැපැල් කර්යා­ලය මඟින් බෙදා දිය යුතු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 89ක් එම උප තැපැල් කාර්යා­ලයේ සේවය කරන උප තැපැ­ල්ක­රු­වකු නිසි ලෙස ඡන්ද පත්‍රිකා බෙදා නොදුන් බවට පව­ස­මින් පැමි­ණි­ල්ලක් කර ඇති බව පොතු­විල් පොලී­සිය සඳ­හන් කරයි. ඒ සම්බ­න්ධ­යෙන් අක්ක­ර­ප­ත්තුව ප්‍රාදේ­ශීය තැපැල් අධි­කා­රී­ව­රයා විසින් විම­ර්ශ­න­යක්ද ආර­ම්භ­කර ඇත.

මූතූර් අසාත් නගර් අල් ෆලාහ් ඡන්ද මධ්‍ය­ස්ථා­නය අස­ලදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ගෑස් සිලි­න්ඩ­රය සහ අංක 03 සල­කුණු කරන ලද ඡන්ද පත්‍රි­කා­වට සමාන ලෙස සකස් කරන ලද පත්‍රිකා ඡන්ද දාය­කන් වෙත බෙදා හරි­මින් සිටි සැක­ක­රු­වකු ඔහු සතුව තිබූ පත්‍රිකා 125ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT