Home » බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ වෙලේ­සුදා-මාකි­ලං­ග­මුවේ සංජීව කුඩු සලිඳු-ඇපල් ශාන්තගේ සිර කුටි ළඟ මත්ද්‍රව්‍ය දුර­ක­තන-උපාංග රැසක්

බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ වෙලේ­සුදා-මාකි­ලං­ග­මුවේ සංජීව කුඩු සලිඳු-ඇපල් ශාන්තගේ සිර කුටි ළඟ මත්ද්‍රව්‍ය දුර­ක­තන-උපාංග රැසක්

by Gayan Abeykoon
November 16, 2024 1:05 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ විශේෂ අංශයේ සිදු කළ හදිසි පරී­ක්ෂා­වේදි කුඩු සලිඳු, වෙලේ සුදා, ඇපල් ශාන්ත, මාකි­ලං­ග­මුවේ සංජීව ඇතුළු ප්‍රධාන පෙළේ අප­රා­ධ­ක­රු­වන් රඳවා සිටි සිර­මැ­දිරි අසල මත්ද්‍රව්‍ය සහ ජංගම දුර­ක­තන ඇතුළු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (14) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කා­යෙන් නිල­ධා­රීන් පිරි­සක් විසින් බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ විශේෂ අංශයේ කොට­සේදී හදිසි පරී­ක්ෂා­වක් සිදු කර ඇත. එහිදී සලිඳු මල්ෂිත ගුණ­රත්න නොහොත් කුඩු සලිඳු, සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, සංජීව කුමාර සම­ර­රත්න නොහොත් මාකි­ලං­ග­මුවේ සංජීව ඇතුළු ප්‍රධාන පෙළේ අප­රා­ධ­ක­රු­වන් රඳවා තබන සිර මැදිරි ආස­න්නයේ තිබී මත්ද්‍රව්‍ය සහ ජංගම දුර­ක­තන ඇතුළු උප­ක­රණ  අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා බන්ධ­නා­ගාර පාල­නා­ධි­කා­රිය වෙත භාර දී ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් භාණ්ඩ අතර ජංගම දුර­ක­තන 3ක්, සිම්පත් 6ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක්, අයිස් මත්ද්‍රව්‍ය මි.ග්‍රෑ. 200ක්, ගංජා මි.ග්‍රෑ. 800ක්, දුම්කොළ කැබලි 8ක් හා දුර­ක­තන උපාංග ඇති බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

පොලිස් විශේෂ කාර්ය බළ­කාය බූස්ස බන්ධ­නා­ගාර කඳ­වුරේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව විශේෂ කාර්ය බළකා අණ දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි හම්බ­න්තොට කලා­පය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කීර්ති විජේ­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වීම මත, සහ­කාර පොලිස් අධි­කාරී නිශාන්ත මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් බූස්ස බන්ධ­නා­ගාර කඳ­වුරේ කඳ­වුරු අණ දෙන නිල­ධාරී ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඊ.එල්.සී. උභ­ය­රත්න ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් සහ බන්ධ­නා­ගාර නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මේ අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT