Home » ගල­වි­ල­වත්තේ වෙඩි තැබී­මට ආ යතු­රු­පැ­දිය සොයා­ගනී

ගල­වි­ල­වත්තේ වෙඩි තැබී­මට ආ යතු­රු­පැ­දිය සොයා­ගනී

by Gayan Abeykoon
November 16, 2024 1:04 am 0 comment

රක්ෂණ ශ්රියන්ත කොට්ටාව - ප්රදීප් කුමාර

හෝමා­ගම, ගල­වි­ල­වත්ත, සිල්ඩෝ­රා­වත්තේ නිවෙ­ස­කදී බදාදා (13) රාත්‍රියේ තරු­ණ­ය­කුට ටී56 අවි­ය­කින් වෙඩි තබා පලා­යෑමේ සිදු­වීමේ වෙඩි­ක්ක­රු­වන් පැමිණි සීටී100 වර්ගයේ යතු­රු­පැ­දිය පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් පිරි­සක් විසින් හෝමා­ගම ප්‍රදේ­ශ­යේදී පෙරේදා (14) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මේ අතර වෙඩි වැදී­මෙන් පපුවේ දකුණු පසට වූ  බර­ප­තළ තුවාල හේතු­වෙන් ප්‍රති­කාර සඳහා හෝමා­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කළ 54 හැවි­රිදි ව්‍යාපා­රි­ක­යකු ශල්‍ය­ක­ර්ම­ය­කට ලක්කොට නේවා­සි­කව ප්‍රති­කාර ලබන බව හෝමා­ගම මූල­ස්ථාන පොලී­සිය  කියයි. හෝමා­ගම, ගල­වි­ල­වත්ත රෝහල පාරේ පිහිටි මහා පරි­මා­ණ­යෙන් ගරා­ජ­යක් පව­ත්වා­ගෙන යන ව්‍යාපා­රි­ක­යාගේ සිල්ඩෝ­රා­වත්තේ පිහිටි නිවෙ­සට පෙරේදා (14) රාත්‍රී 11.30ට පමණ පුද්ග­ල­යන් දෙදෙ­නකු පැමිණ මොහුගේ නම පවසා කතා කර තිබේ. ඒ අනුව වසා තිබූ දොර විවෘත කර­ගෙන ඉදි­රි­යට එන­වාත් සම­ඟම  මිදුලේ රැඳී සිටි දෙදෙ­න­කු­ගෙන් අයකු අත තිබූ ගිනි අවි­ය­කින් දිගට හර­හට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලී­සිය පව­සයි. එහිදී නාඳු­නන තුව­ක්කු­ක­රු­වන් වෙඩි ප්‍රහාර 15ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් උණ්ඩ අටක් පත්තු වී ඇති බව­ටත්, උණ්ඩ හතක්  පුපුරා ගොස් නැති බව­ටත් කරුණු අනා­ව­ර­ණය වන බව පොලී­සිය සඳ­හන් කරයි. එසේ පුපුරා නොගිය ටී56 වර්ගයේ උණ්ඩ 7ක් සිද්ධිය වූ ස්ථානයේ තැන තැන වැටී තිබි­යදී සොයා­ගත් බවද පොලි­සිය කියයි.

වෙඩි ප්‍රහා­රය එල්ල වන­වාත් සම­ඟම තුවා­ල­කරු ක්ෂණි­කව දොර වසා­ගෙන කාම­ර­යට දිව ගොස් ඇති අතර, එහිදී ඔහුගේ පපුවේ දකුණු පසට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල වී ඇතැ­යිද පොලී­සිය සඳ­හන් කරයි. සිද්ධිය වන අව­ස්ථාවේ තුවා­ල­ක­රුගේ බිරිය කාම­රය තුළ රැඳී සිට ඇති අතර, ඇයට කිසිදු අන­තු­රක් වී නැත. සිද්ධි­යෙන් පසු තුවා­ල­කරු වහා හෝමා­ගම මූලික රෝහ­ලට රැගෙන යෑමෙන් දිවි බේරා­ගැ­නී­මට හැකිව ඇති බව පොලී­සිය කියයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් ලද තොර­තු­ර­කට අනුව හෝමා­ගම මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක ප්‍රණීත් මාන­වඩු මහතා ඇතුළු නිල­ධාරී කණ්ඩා­ය­මක් එම ස්ථාන­යට පැමිණ පරී­ක්ෂණ ආරම්භ කළ අතර, විශේෂ කාර්ය බළ­කාය බුද්ධි අංශයේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව උප පොලිස් පරී­ක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් හෝමා­ගම පොලිස් වසමේ හෝමා­ගම ආසිරි මාව­තේදී කළ වැට­ලී­ම­කදී යතු­රු­පැ­දිය හා සැක­ක­රු­වන් පැල­ඳ­ගෙන පැමිණි හිස්වැ­සු­මක්, සැක­ක­රු­වන් නැතිව අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා හෝමා­ගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

නුගේ­ගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ජී.පී.එස්. ජය­මහ මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ, සහ­කාර පොලිස් අධි­කාරි වෙද­මුල්ල මහ­තාගේ නියෝග සහ හෝමා­ගම මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක ප්‍රණත් මාන­වඩු මහ­තාගේ උප­දෙස් මත, අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ප්‍රිය ශාන්ත මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්, පො.ප. චානක සඳ­රු­වන්, උ.පො.ප. චන්ද්‍ර­පාල, උ.පො.ප ජගත් පො.සැ.  (60152) සමීර, (23893) බණ්ඩාර පො.කො. (92504) රොෂාන් ඇතුළු නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT