Monday, April 7, 2025
Home » ලේක්හවුසියේ උදයට ජය

ලේක්හවුසියේ උදයට ජය

by sachintha
November 15, 2024 1:55 am 0 comment

කොළඹ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධාන කළ මිස්ටර් කලම්බෝ විවෘත සහ ආධුනික කායවර්ධන තරගාවලියේදී ලේක්හවුස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදුණු ගිණුම් අංශයේ එල්.පී.අයි. උදය ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.

කොළොන්නාව මංගලපාය උත්සව ශාලාවේදී පසුගියදා පැවති මේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ ඔහු එහි දෙවැනි ස්ථානය දිනාගත් අතර, ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවති මේ තරගාවලිය කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ අවුරුදු 45ට වැඩි ‘මාස්ටර්’ ලෙස කායවර්ධන සහ ෆිසික්ස් තරග අංශ යටතේ ක්‍රීඩකයන් 150කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT