වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 02ක් හිමිව ඇත.
සමගි ජන බලවේගයට වන්නි දිස්ත්‍රික්කයේ දිනා ගැනීමට හැකිව තිබෙන්නේ මන්ත්‍රි ධුර 01 ක් පමණි.
එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයද මන්ත්‍රි ධුර එකක් හිමිකරගෙන තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය එක් මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය මන්ත්‍රී ධුරය බැගින් හිමිකර ගෙන තිබේ.
ඒ අනුව
ජාතික ජන බලවේගය
1 සෙල්වතම්බි තිලකනාදන් – 10,652
2 ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
01තුරෙයිරාසා රවිකුමාර් – 11,215
සමගි ජන බලවේගය
01රිෂාඩ් බදියුදීන් – 21,018
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
01ඒ. අඩෙයිකලනාදන් – 5,695
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
01කාදර් මස්තාන් – 13,511