Monday, April 21, 2025
Home » කොටහේනේ සමාගමක විනෝද චාරිකාවක් ගිය බසයක් විල්ගමුවේදී හෙලකට පෙරළී

කොටහේනේ සමාගමක විනෝද චාරිකාවක් ගිය බසයක් විල්ගමුවේදී හෙලකට පෙරළී

තුනක් මරුට 39ක් රෝහලේ

by sachintha
November 15, 2024 12:40 am 0 comment

මාතලේ විල්ගමුව එළවනාකන්දේදී ඊයේ (14) රාත්‍රි 7.30 ට පමණ සිදුව බස් රථ අනතුරින් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව තවත් පුද්ගලයන් 39ක් පමණ පිරිසක් තුවාල රෝහල්ගත කර තිබේ.

තුවාලකරුවන් විල්ගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි විල්ගමුව පොලීසිය පවසයි.

මේ බස් රථය කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක වාර්ෂික විනෝද චාරිකාවට හඳුන්ගමුව යන අතරතුරදී එළවනාකන්දේදී ඉදිරියෙන් ආ වෑන්රථයක වැදී අඩි 60ක පල්ලමකට වැටී ඇත. මේ බස්රථයේ 37ක පිරිසක් ගමන් කර ඇති අතර, තුවාල ලැබූවන් විල්ගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය වූ ස්ථානයට විල්ගමුව පොලීසිය හා යුද හමුදාවද ගොස් ක්ෂණික මෙහෙයුමක් සිදු කර ඇති බවද පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා පොලීසියට උපදෙස් දී ඇත.

උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT