Home » ඊශ්‍රායලයත් ආරුගම්බේ සංචාරක තහනම ඉවත් කරයි

ඊශ්‍රායලයත් ආරුගම්බේ සංචාරක තහනම ඉවත් කරයි

by sachintha
November 15, 2024 12:37 am 0 comment

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ඉවත් කිරීමට ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ අනුව එරට ජාතික ආරක්ෂක කවුන්සිලය මඟින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බව වාර්තා වෙයි. ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යෑමෙන් වළකින ලෙස ඊශ්‍රායලය විසින් එරට පුරවැසියන්ට පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර බුද්ධි අංශ යොදවා එහි ආරක්ෂක කටයුතු නිරන්තරයෙන් සොයා බැලීමට ද පියවර ගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයන් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත්ය.

පසුගියදා රජය නිවේදනය කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත්ය. සැකකරුවන් අතර මාලදිවයින් ජාතිකයකු ද වෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT