Home » කැලණිය දුරුතු ධර්ම දේශනා-13 ග්‍රන්ථය එළිදකී

කැලණිය දුරුතු ධර්ම දේශනා-13 ග්‍රන්ථය එළිදකී

by sachintha
November 15, 2024 3:35 am 0 comment

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ දායකත්වයෙන් එළිදක්වන කැලණිය දුරුතු ධර්ම දේශනා ග්‍රන්ථ මාලාවේ 13 වැන්න කැලණිය රාජමහා විහාරස්ථ විජිත ධම්මරක්ඛිත නාහිමි අනුස්මරණ ශාලාවේදී එළිදැක්විණි.

කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ග මහා පණ්ඩිත, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ධර්ම දානය මෙවරත් සංවිධානය කෙරිණි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් මහා විහාරාධිපති, කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකවාගීස්වරාචාර්ය, රාජකීය පණ්ඩිත ශ්‍රාස්තවේදී, වැලිමිටියාවේ ඤාණරතන නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිකාරි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ගෝමරන්කඩවල හේමරතන ස්වාමීන් වහන්සේ කැලණිය දුරුතු ධර්ම දේශනා – 13 සංස්කරණය කළ අතර උන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් බස්නායක නිලමේතුමා ප්‍රධාන විහාරස්ථ තරුණ සංවිධානය, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා දරුවන්ගේ සහභාගිත්වයෙන් ග්‍රන්ථය දොරට වැඩීම සිදුවිය.

වාර්ෂිකව කැලණිය රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන දුරුතු ධර්ම දේශනා මාලාව එක් රැස්කර ධර්ම ග්‍රන්ථයක් වශයෙන් පැවදි ගිහි සැමදෙනා අතට පත් කෙරේ.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූපය – සුලෝචන ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT