Home » මුහුදේ නාන්න ගිය සංචාරක මඟ පෙන්වන්නා දියේ ගිලී මරුට

මුහුදේ නාන්න ගිය සංචාරක මඟ පෙන්වන්නා දියේ ගිලී මරුට

by sachintha
November 15, 2024 1:11 am 0 comment

බේරුවල බණ්ඩාරවත්ත හා කිච්මලෙ දේවස්ථානය අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය සංචාරක මාර්ගෝපදේශකවරයකු ඊයේ (14) රළ පහරට හසුව දියේ ගිලී මියගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පේඩු හේවාගේ ප්‍රියන්ත අශෝක කුමාර ද සිල්වා (48) නමැත්තාය.

මෙම පුද්ගලයා විදෙස් සංචාරකයන් පිරිසක් සමඟ ඊයේ (14) උදෑසන වස්කඩුවේ සිට බේරුවලට පැමිණ ඇති අතර මොහු මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසා ගෙන ගොස් සිටියදී සිරුර සොයා ගැනීමට හැකි වූ බව බේරුවල පොලිසිය කියයි.

බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT