මහමැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණීමට අපහසු ඡන්දදායකයන් වෙනුවෙන් තවත් අයකු කැටුව ඒමට ලද අවසරය මත ත්‍රිකුණාමලය ශාන්ත මේරි විද්‍යාලයට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වයස අවුරුදු 106ක පුද්ගලයෙක් ඊයේ (14) පැමිණ සිටියේය.
ත්‍රිකුණාමලය ග්‍රීන් පාරේ පදිංචි ජෝන් පිලිප් ලුවයිස් මහතා මෙලෙස සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහකාර තරුණ සේවා නිලධාරී ඒ. එල්. අලව්දින් බාබු මහතා සමඟ පැමිණියහ.
1917 නොවැම්බර් මාසේ දහ අටවෙනිදා යාපනයේ උපන් ලුවයිස් මහතාට තවත් දින හතරකින් වයස අවුරුදු 107ක් සම්පූර්ණ වන බව ඒ මහතා පැවසීය. දරුවන් අට දෙනකුගේ පියෙකු වන ලුයිස් මහතාගේ සියලුම දරුවන් කැනඩා හා ස්වීස් රටවල පදිංචි වී සිටියි.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද අමරජීව