Home » පාදවලට වෙඩි වැදී අසාධ්‍ය වනඅලියකුට ප්‍රතිකාර

පාදවලට වෙඩි වැදී අසාධ්‍ය වනඅලියකුට ප්‍රතිකාර

by sachintha
November 15, 2024 1:30 am 0 comment

වෙඩි වැදී පාදවලට තුවාල සිදුව අනුරාධපුර ඔයාමඩුව රක්ෂිතයේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වනඅලියකුට ප්‍රතිකාර සිදු කිරීම අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය අංශය මඟින් සිදු කෙරිණ.වයස අවුරුදු 20 -25ත් අතර වූ එම වනඅලියාගේ පාදවලට වෙඩි වැදීම හේතුවෙන්, රක්ෂිතය ආසන්නයේ රැඳී සිටින බවට ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීහු පෙරේදා (12) එම වනඅලියා සෙවීම ආරම්භ කළහ. අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාව සමඟ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සිදු කිරීමේදී තරමක අසීරුතාවකට පත් වූ අතර, එම රක්ෂිතය තුළ වෙනත් වනඅලි රංචුවක් ගැවසීම හේතුවෙන් ප්‍රතිකාර සිදු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට එම නිලධාරී කණ්ඩායමට සිදු විය.

පැය 4කට වැඩි මෙහෙයුමකින් අනතුරුව එම වනඅලියා නිර්වින්දනය කර ප්‍රතිකාර ආරම්භ කෙරුණු අතර, අලියා සුවය ලබන තෙක් අඛණ්ඩව ප්‍රතිකාර සිදු කරන බව අප කළ විමසීමකදී වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.

අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහා මහතා, පශු වෛද්‍ය උදේශිකා මදුවන්ති මහත්මිය ඇතුළු කණ්ඩායමක් මෙම ප්‍රතිකාර ආරම්භ කර තිබිණ.

අනුරාධපුර සංචාරක බී.ජී. චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT