Home » ‘මැදපෙරදිගට සාමය උදා කිරීමට සහාය වන්න’

‘මැදපෙරදිගට සාමය උදා කිරීමට සහාය වන්න’

-ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති ඉල්ලයි

by sachintha
November 15, 2024 1:04 am 0 comment

ඊශ්‍රායලය, ලෙබනනය ඇතුළු බටහිර ආසියානු කලාපයේ යුද අර්බුදය විසඳා ගැනීමේදී ඉන්දියාවට සැලකිය යුතු භූමිකාවක් ඉටු කිරීමට හැකියාව ඇතැයි ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රෝවන් අසාර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාව මේ වනවිට සවුදි අරාබිය, එමිරේට්ස්, ඉරානය, කුවේට් හා කටාර් වැනි මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම රටවල් රැසක් ඇතුළත් බටහිර ආසියාව සමඟ සමීප සබඳතා පවත්වමින් සිටින බවත්, බටහිර ආසියාවේ ආතතිය තුරන් කිරීමට ඊශ්‍රායල රජය ඉන්දියාවෙන් සහයෝගය බලාපොරොත්තු වන බවත් ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ඊශ්‍රායලය අඛණ්ඩව ඉන්දීය රජය සමඟ සංවාද පවත්වන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම ඊශ්‍රායලය හා අමෙරිකාව අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇතැයිද, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ඊශ්‍රායලය ඔහු සමඟ යහපත් සබඳතා පවත්වා ඇතැයි ද ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT