Monday, April 21, 2025
Home » ලොව විශාලතම කොරල් පරය පැසිෆික් සාගරයේ

ලොව විශාලතම කොරල් පරය පැසිෆික් සාගරයේ

by sachintha
November 15, 2024 1:03 am 0 comment

ලොව එතෙක් මෙතෙක් විශාලතම කොරල් පරය නිරිතදිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැසිෆික් සාගරයේ දුෂ්කර ස්ථානවල ගවේෂණ සිදු කරන සාගර විද්‍යාඥයන් පිරිසක් විසින් මේ සොයා ගැනීම කර ඇත්තේ නෞකාවක සේවය කරන වීඩියෝ කැමරා ශිල්පියකු ගත් වීඩියෝ පටයක් නිරීක්ෂණය කිරීමෙන් පසුව බව ද වාර්තා වේ.

එම කොරල් පරය පළලින් මීටර් 34ක් ද, දිගින් මීටර් 32ක් වන අතර, උසින් මීටර් 5.5ක් වන බව එහි මිනුම් කටයුතු සිදු කර ඇති සාගර විද්‍යාඥයන් තහවුරු කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම එය වසර 300කට වඩා පැරැණි බව පර්යේෂණවලින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT