Home » දලයිලාමාගේ ටිබෙට් නායකත්වය පිළිගැනීමට ජර්මානු පාර්ලිමේන්තුවට යෝජනාවක්

දලයිලාමාගේ ටිබෙට් නායකත්වය පිළිගැනීමට ජර්මානු පාර්ලිමේන්තුවට යෝජනාවක්

by sachintha
November 15, 2024 1:01 am 0 comment

ටිබෙට් දේශයේ සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව ජර්මානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි අවධානය යොමුවී ඇතැයි ද, පසුගියදා එරට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහ ටිබෙට් නියෝජිත පිරිසක් අතර ජර්මානු පාර්ලිමේන්තු කමිටු ශාලාවේ පැවැති හමුවකදී ටිබෙට් දේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් දේශයේ අනන්‍යතාව, සංස්කෘතිය හා ආගම උපුටා දැමීමේ අරමුණින් චීන ප්‍රතිපත්ති ඉස්මතු වීමේ අවදානම පිළිබඳ එහිදී ටිබෙට් දේශයේ නියෝජිතයන් කරුණු පැහැදිලි කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සංවර්ධන කටයුතු සඳහා බව කියමින් චීනය මේ වන විට ටිබෙට් දේශයේ පෞද්ගලික හා පැවිදි පාසල් වසා දැමීමටත්, ආරාම ඉවත් කිරීමටත් කටයුතු කරමින් සිටින බවට එම සාකච්ඡාවේදී ටිබෙට් නියෝජිතයන් චෝදනා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ටිබෙට් දේශයේ අාධ්‍යාත්මික නායක දලයිලාමා තුමාගේ ලබන වසරට නියමිත 90 වැනි උපන්දිනයට පෙර ටිබෙට් දේශයේ එකම නායකයා දලයිලාමා තුමා බවට ජර්මානු පාර්ලිමේන්තුවේදී විධිමත් ප්‍රකාශයක් සම්මත කරන ලෙසත් එම සාකච්ඡාවේදී ටිබෙට් නියෝජිතයන් ජර්මානු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT