Home » බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල බෝම්බ ප්‍රහාර දෙකක්

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල බෝම්බ ප්‍රහාර දෙකක්

-මරාගෙන මැරෙන බෝම්බකරු මරුට

by sachintha
November 15, 2024 1:56 am 0 comment

බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඉලක්ක කරමින් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් එක් පිපිරීමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දොරටුව අසලත්, තවත් පිපිරීමක් ඉන් පිටතදීත් සිදුවී ඇතැයි වාර්තාවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පළමු බෝම්බය පිපිරී යෑමෙන් විශාල හානියක් අවසන් මොහොතේ වැළකී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරුව දෙවැනි බෝම්බය ඉන් පිටත මෝටර් රථයක් තුළ පුපුරා ගොස් ඇති අතර, ඉන් කිසිදු හානියක් සිදුවී නැති බවත් වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දොරටුව අසල බෝම්බය පිපිරීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඔහුගේ සිරුරට සවි කර තිබූ පුපුරන ද්‍රව්‍ය කොටස් සහ කාලගණන මෙවලමක් සොයා ගත් බව බ්‍රසීලියා පොලීසිය ප්‍රකාශ කර තිබේ.

බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළත සිටි අධිකරණ කාර්ය මණ්ඩලය සහ නීතිඥවරුන් ඉන් ඉවත් කිරිමට කටයුතු කළ පොලීසිය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම පරිශ්‍රය තුළ සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තවත් බෝම්බ සවිකර තිබේදැයි මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදු කරන බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT