Home » ගෞතම බුද්ධ මාතා පූර්ව ප්‍රචාරක පටය එළිදකී

ගෞතම බුද්ධ මාතා පූර්ව ප්‍රචාරක පටය එළිදකී

by sachintha
November 15, 2024 1:30 am 0 comment

ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.

සුහසක් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කිරීමටද පුරෝගාමී වූ ඈ සිදුහත් කුමරු කුසින් නොවැදුවද එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාව ඇයයි.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වන නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මාතා හි පූර්ව ප්‍රචාරක පටය, වෙබ් අඩවිය හා ගීත එළිදැක්වීම, පසුගිය දින කොල්ලුපිටිය මුන්රීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සිනමා පටය එළැඹෙන දෙසැම්බර් 10වැනි දින සිට දිවයින පුරා පිහිටි EAP ඇතුළු සිනමාහල් 64ක ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දීය නළු නිළියන් රැසක් ද මෙරට රංගන ශිල්පීන් රැසක් ද මෙහි රංගනයෙන් දායක වෙති.

දෙසැම්බර් 10 වැනි දින වැල්ලවත්ත savoy premier (රොක්සි සිනමා) ශාලාවේදී ඉන්දීය නළු නිළියන් සහ සිනමා පටයට දායක වූ සියලූම රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් පෙරටු කොටගෙන මංගල දර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT