Home » ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි

ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි

by chanaka
November 15, 2024 10:27 pm 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හමුවී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කර ඇත.

මෙම හමුවීමට අදාළ සටහනක් මහකොමසාරිස් කාර්යාල X ගිණුමේ පළකර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් පළ කර ඇත. එසේම සහෝදර ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වශයෙන් ඉන්දියාව මෙම ජනවරම පිළිගන්නා අතර දෙරට ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වී සිටි බවද සන්තෝෂ් ජා මහතා සදහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT