Home » හරිනිගේ වාර්තාව විජිත හේරත් බිඳ හෙළයි

හරිනිගේ වාර්තාව විජිත හේරත් බිඳ හෙළයි

by chanaka
November 15, 2024 9:48 pm 0 comment

මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් ඉහළම මනාප ඡන්ද ප්‍රමාණයේ වාර්තාව එකම දිනයේ දෙවතාවක් අලුත් කිරීමට ජාතික ජන බලවේගය සමත්වේ.

ඒ හරිනි අමරසූරිය අද(15) දහවල් තැබූ වාර්තාව විජිත හේරත් විසින් අද පස්වරුවේ බිඳ හෙළමින්ය.

හරිනි අමරසූරිය මනාප 655,289ක් ලබාගෙන මහින්ද රාජපක්ෂ විසින් 2020 වසරේ මනාප 527,364ක් ලබාගෙන තැබූ වාර්තාව බිඳ දැමූ අතර විජිත හේරත් විසින් මනාප ඡන්ද 716,715ක් ලබාගෙන එම වාර්තාව බිඳ දැමීමට සමත් විය.

ඒ අනුව මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් ඉහළම මනාප ඡන්ද ප්‍රමාණයේ වාර්තාවේ පළමු තැන විජිත හේරත්ට හිමිවන අතර දෙවන ස්ථානය හිමිවන්නේ හරිනි අමරසූරියටය.

තෙවන ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමි වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT