Home » ජාතික ජන බලවේගයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

ජාතික ජන බලවේගයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

by chanaka
November 15, 2024 9:45 pm 0 comment

නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මුලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ සමානුපාතික ඡන්ද ක්‍රමය මෙරට හඳුන්වා දීමෙන් අනතුරුව එක් දේශපාලන පක්ෂයක් ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාස වන බවය.

ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 159ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත්විය.

ලැබූ ජයග්‍රහණය පිටුපස සිටින සෑම අයෙකුටම සිය පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුදකරන බව ද ඒ මහතා පැවසීය.

“අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ. අපි කෙරෙහි ජනතාව ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපිට ඒක රකින්න වෙනවා. රටේ ප්‍රබල දේශපාලන පක්ෂ පරාජය කරලා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. පැරණි දේශපාලනය අවසන්. පැරණි යුගය අවසන්. ජනතාව ඒ යුගය නිමා කළා. වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත ඒ දේශපාලනය දැන් ඉවරයි. පොදු ජනයා අපේ භාවිතය තේරුම් අරගෙන ලබාදුන්න ජයග්‍රහණයක් මේක…අභියෝග දිනන්න මිසක් අපි මේ බලය පාවිච්චි කරන්නේ නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT