කිරිල්ලවල, ජයන්ති පෙදෙස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වා ගෙන යාම, එය කළමනාකරණය කිරීම සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටීම සම්බන්ධව වරද පිළිගත් කාන්තාවන් තිදෙනකුට රුපියල් එක්ලක්ෂ එකසීයක දඩ මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.
ඒ අනුව සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධව කේ. රුවන්මාලි නමැත්තියට රුපියල් පනස්දහසක් ද, එය කළමනාකරණය කිරීම සම්බන්ධව කේ.ඒ. සන්ධ්‍යා කුමාරි නමැත්තියට රුපියල් පනස්දහසක් ද, ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටීම සම්බන්ධයෙන් ජය ලක්මිණි සෙනෙවිරත්න නමැත්තියට රුපියල් සියයක් බැගින් ද එසේ වෙන වෙනම දඩ නියම විය.
කඩවත පොලිසියේ කොස්තාපල් (66735) සම්පත් මහතා විසින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලදි.