හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ නොමේරූ හා විශේෂිත සත්කාර ළදරු ඒකකය වැඩි පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ධම්මිකා ජයලත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. රෝගී දරුවන් ඉක්මනින් සුවපත් භාවයට පත් කර නීරෝගි දරු පරපුරක් බිහි කිරීම මෙම ඒකකයේ අරමුණ වේ. මෙම අවස්ථාවට ප්‍රාදේශීය රෝහල් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ උදායි ගුණවර්ධන, හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ හේමන්ත කුමාර, ළමා රෝග විශේෂඥ වෛද්‍ය කපිල පණ්ඩිත, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අලගියවන්න, හොරණ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරීන් හා පරිපාලන නිලධාරීන්, රෝහල් සේවා සමිතියේ සභාපති සුමේධ ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.