ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිත යුගයක් ගෙවමින් සිටින අසරණ රෝගීන්ට සංග්‍රහ කිරීම විශාල පුණ්‍යකර්මයකි. ඔබගේ දරුවකුගේ උපන්දිනයක් සැමරීම, විවාහ සංවත්සරයක් සැමරීම, මියගිය මවට, පියාට හෝ ඥාතියකුට, හිත මිතුරකුට පින් ලබාදීම වැනි උතුම් කාර්යයක් මූලිකත්වයේ තබාගෙන ද මේ පින්කම් සිදු කළ හැක.
අත්‍යවශ්‍ය අවයවයක්(වකුගඩුවක්) අකර්මණ්‍ය වීම යනු මරණය පෙනි පෙනී ජීවත්වීමයි. වකුගඩුවක් බද්ධ කරගෙන ජීවිතය රැකගැනීමට කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙන්ම යාපනය, වව්නියාව, ගාල්ල, මාතර, පුත්තලම, ඇල්ල වැල්ලවාය, තණමල්විල, කුරුණෑගල, හම්බන්තොට, අනුරාධපුර වැනි ඉතා දුර පළාත්වලින්ද රෝගීන් මරදාන මාලිගාවත්ත වකුගඩු රෝහලට පැමිණෙන්නේ කලින් දින රාත්‍රියේ පිටත් වී එළිවෙන යාමේ කොළඹට එන්නය. ඒ පැමිණෙන රෝගීන් ඊළඟට එක් වන්නේ රුධිර කාන්දුකරණය, සායන, පරීක්ෂණ, බෙහෙත් ගැනීමට පෝලිම්වලටය. පැය 3 – 4 එසේ තේ එකක්වත් නොමැති ඔවුන් එම කාලය ගතකරන්නේ ඉතා අපහසුවෙනි. ඒ තරමටම ඔවුන් දුර්වලය.
ඒ වේදනාත්මක මුහුණුවලට පුංචි සිනාවක් රැගෙන එන්න වෙර දරන්නේ ද රෝගීන් හා රෝගීන්ගේ භාරකරුවන් විසින්ම සැදුම්ලත් ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානයයි. මරදාන මාලිගාවත්ත රජයේ වකුගඩු රෝහල යනු රෝගීන් රැසකට සහන සලසා දෙමින් රුධිර කාන්දු පෙරණය, වකුගඩු බද්ධ කිරීම, මිල අධික අවශ්‍ය බෙහෙත් ලබාදීම, වෛද්‍ය පරීක්ෂණ සිදු කරන ස්ථානයකි. සතියේ දිනවල තුන්සියයකට වැඩි ප්‍රමාණයක් එන රෝගීන්ට වෛද්‍ය උපදෙස් අනුව ඉතා පිරිසුදුවට බනිස් ගෙඩියක් සමඟ කිරි තේ එකක් පිරිනමන්නේ ඔවුන්ගේ ජීවිතවලට පොඩි සහනයක් දෙමිනි.
නමුත් දැන් දැන් එහි බර පැන දැරීම තරමක අසීරු කරුණකි. ඉරිදා, සෙනසුරාදා සහ පොහෝ දිනවල හැර වසරකට දින 251ක් සඳහා බරපැන සොයාගත යුතුව ඇත. උදේ 8.30 සිට 11.30 අතර කාලය මේ සංග්‍රහය පැවැත්වේ. එක් දිනකට වැයවන මුදල රු. 27,000කි. වැය කරන මුදලට වඩා ලැබෙන පින ඉමහත්ය. විශේෂත්වය නම් ඔබටද පැමිණ ඔබ අතින්ම සංග්‍රහ කිරීමට හැකිවීමයි.
මේ මහා පුණ්‍ය කර්මයේ කොටස්කරුවකු වීමට දායකත්වය ලබා ගැනීමට 0769308891 හෝ 074 124 72 17 දුරකතන අංක ඔස්සේ අප සංවිධානයේ ලේකම් ඉරෝෂා රුවනි මුතුමාල මිය සම්බන්ධ කර ගත හැකිය.
ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය, බෝසෙවණ විහාරය, මාලිගාවත්ත, කොළඹ 10 ලිපිනයයි.