Home » මාලි­ගා­වත්ත වකු­ගඩු රෝහලේ රෝගීන්ට තේ එකක් දෙන්න දායක වෙන්න හැකි­නම් පිනක්
ප්‍රති­කා­ර­ව­ලට එන පිරිස 300කට වැඩියි:

මාලි­ගා­වත්ත වකු­ගඩු රෝහලේ රෝගීන්ට තේ එකක් දෙන්න දායක වෙන්න හැකි­නම් පිනක්

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

ජීවි­ත­යත් මර­ණ­යත් අතර අවි­නි­ශ්චිත යුග­යක් ගෙව­මින් සිටින අස­රණ රෝගීන්ට සංග්‍රහ කිරීම විශාල පුණ්‍ය­ක­ර්ම­යකි. ඔබගේ දරු­ව­කුගේ උප­න්දි­න­යක් සැම­රීම, විවාහ සංව­ත්ස­ර­යක් සැම­රීම, මිය­ගිය මවට, පියාට හෝ ඥාති­ය­කුට, හිත මිතු­ර­කුට පින් ලබා­දීම වැනි උතුම් කාර්ය­යක් මූලි­ක­ත්වයේ තබා­ගෙන ද මේ පින්කම් සිදු කළ හැක.

අත්‍ය­වශ්‍ය අව­ය­ව­යක්(වකු­ග­ඩු­වක්) අක­ර්මණ්‍ය වීම යනු මර­ණය පෙනි පෙනී ජීව­ත්වී­මයි. වකු­ග­ඩු­වක් බද්ධ කර­ගෙන ජීවි­තය රැක­ගැ­නී­මට කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් මෙන්ම යාප­නය, වව්නි­යාව, ගාල්ල, මාතර, පුත්ත­ලම, ඇල්ල වැල්ල­වාය, තණ­ම­ල්විල, කුරු­ණෑ­ගල, හම්බ­න්තොට, අනු­රා­ධ­පුර වැනි ඉතා දුර පළා­ත්ව­ලින්ද රෝගීන් මර­දාන මාලි­ගා­වත්ත වකු­ගඩු රෝහ­ලට පැමි­ණෙන්නේ කලින් දින රාත්‍රියේ පිටත් වී එළි­වෙන යාමේ කොළ­ඹට එන්නය. ඒ පැමි­ණෙන රෝගීන් ඊළ­ඟට එක් වන්නේ රුධිර කාන්දු­ක­ර­ණය, සායන, පරී­ක්ෂණ, බෙහෙත් ගැනී­මට පෝලි­ම්ව­ල­ටය. පැය 3 – 4 එසේ තේ එක­ක්වත් නොමැති ඔවුන් එම කාලය ගත­ක­රන්නේ ඉතා අප­හ­සු­වෙනි. ඒ තර­ම­ටම ඔවුන් දුර්ව­ලය.

ඒ වේද­නා­ත්මක මුහු­ණු­ව­ලට පුංචි සිනා­වක් රැගෙන එන්න වෙර දරන්නේ ද රෝගීන් හා රෝගීන්ගේ භාර­ක­රු­වන් විසින්ම සැදු­ම්ලත් ශ්‍රී ලංකා වකු­ගඩු රෝගීන් සුරැ­කීමේ සංවි­ධා­න­යයි. මර­දාන මාලි­ගා­වත්ත රජයේ වකු­ගඩු රෝහල යනු රෝගීන් රැස­කට සහන සලසා දෙමින් රුධිර කාන්දු පෙර­ණය, වකු­ගඩු බද්ධ කිරීම, මිල අධික අවශ්‍ය බෙහෙත් ලබා­දීම, වෛද්‍ය පරී­ක්ෂණ සිදු කරන ස්ථාන­යකි. සතියේ දින­වල තුන්සි­ය­ය­කට වැඩි ප්‍රමා­ණ­යක් එන රෝගීන්ට වෛද්‍ය උප­දෙස් අනුව ඉතා පිරි­සු­දු­වට බනිස් ගෙඩි­යක් සමඟ කිරි තේ එකක් පිරි­න­මන්නේ ඔවුන්ගේ ජීවි­ත­ව­ලට පොඩි සහ­න­යක් දෙමිනි.

නමුත් දැන් දැන් එහි බර පැන දැරීම තර­මක අසීරු කරු­ණකි. ඉරිදා, සෙන­සු­රාදා සහ පොහෝ දින­වල හැර වස­ර­කට දින 251ක් සඳහා බර­පැන සොයා­ගත යුතුව ඇත. උදේ 8.30 සිට 11.30 අතර කාලය මේ සංග්‍ර­හය පැවැත්වේ. එක් දින­කට වැය­වන මුදල රු. 27,000කි. වැය කරන මුද­ලට වඩා ලැබෙන පින ඉම­හත්ය. විශේ­ෂ­ත්වය නම් ඔබ­ටද පැමිණ ඔබ අතින්ම සංග්‍රහ කිරී­මට හැකි­වී­මයි.

මේ මහා පුණ්‍ය කර්මයේ කොට­ස්ක­රු­වකු වීමට දාය­ක­ත්වය ලබා ගැනී­මට 0769308891 හෝ 074 124 72 17 දුර­ක­තන අංක ඔස්සේ අප සංවි­ධා­නයේ ලේකම් ඉරෝෂා රුවනි මුතු­මාල මිය සම්බන්ධ කර ගත හැකිය.

ශ්‍රී ලංකා වකු­ගඩු රෝගීන් සුරැ­කීමේ සංවි­ධා­නය, බෝසෙ­වණ විහා­රය, මාලි­ගා­වත්ත, කොළඹ 10 ලිපි­න­යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT