Home » සංචා­ර­ක­ ආර­ක්ෂාවට දුන් අංක­යට ඉල්ලීම් 400ක්

සංචා­ර­ක­ ආර­ක්ෂාවට දුන් අංක­යට ඉල්ලීම් 400ක්

නියෝජ්‍ය පොලි­ස්පති දම­යන්ත විජය ශ්‍රී

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

සංචා­ර­ක­යන්ට තම ආර­ක්ෂාව ගැන ඉල්ලීම් ඉදි­රි­පත් කිරීමේ මධ්‍ය­ස්ථා­නය ලෙස පිහි­ටුවා ඇති පොලිස් වෙර­ළ­බඩ සහ සංචා­රක කොට්ඨා­සයේ ප්‍රධා­නියා වන නියෝජ්‍ය පොලි­ස්පති දම­යන්ත විජය ශ්‍රී මහ­තාට එම අංකය හඳුන්වා දුන්දා සිට මේ දක්වා සංචා­රක ආර­ක්ෂාව සම්බන්ධ ඉල්ලීම් 400ක් පමණ ලැබුණු බව ඒ මහතා ප්‍රකාශ කළේය.ආර­ක්ෂාව සම්බන්ධ වැඩි­යෙන්ම ඉල්ලීම් ලැබුණේ අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ල­ව­ලින්, සංචා­රක මඟ­පෙ­න්ව­න්න­න්ගෙන් සහ සංචා­රක ඒජන්සි, සංචා­රක නවා­තැ­න්පොළ, සංචා­ර­ක­යන් තවත් තැනක සිට තවත් තැන­කට ගමන් කරන අව­ස්ථා­ව­ලදී සහ එතෙර සිට සංචා­ර­ක­යන් මෙර­ටට පැමි­ණෙන අව­ස්ථා­ව­ලදී බව නියෝජ්‍ය පොලි­ස්පති දම­යන්ත විජය ශ්‍රී මහතා දින­මි­ණට පැව­සීය.ඒ  සෑම අව­ස්ථා­ව­ක­දීම ඔවුන් ඉල්ලූ පරිදි ආර­ක්ෂාව නිසි පරිදි ලබා­දී­මට කට­යුතු කර­මින් සංචා­ර­ක­යන්ට උප­රිම ආර­ක්ෂා­වක් ලබා­දී­මට කට­යුතු කළ බව ද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කියා සිටි­යේය.

ඊශ්‍රා­යල සංචා­ර­ක­යන් සහ අනෙ­කුත් සංචා­ර­ක­යන් ඉලක්ක කර ගනි­මින් ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල වීමේ තර්ජ­න­යක් ගැන ප්‍රකාශ වීමෙන් පසු ශ්‍රී ලංකාවේ අමෙ­රිකා එක්සත් ජන­පද තානා­පති කාර්යා­ලය සහ ඊශ්‍රා­ය­ලය ආරු­ගම්බේ සහ තවත් ඇතැම් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේ­ශ­ව­ලට යන තම පුර­වැ­සි­යන්ට අන­තුරු ඇඟ­වීම් නිකුත් කර තිබිණි.

ඒ අනුව සංචා­ර­ක­යන්ට නිසි ආර­ක්ෂාව ලබා­දීම සඳ­හාත් ඔවුන්ගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් පොලි­සි­යෙන් ඉල්ලා සිටී­මට විශේෂ දුර­ක­තන අංක­යක් ලබා­දී­මට වැඩ­බ­ලන  පොලි­ස්ප­ති­ව­රයා පිය­වර ගෙන තිබුණි.ඒ අනුව වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙස් පරිදි ඇමැති ආර­ක්ෂක ඒක­කයේ නිල­ධා­රීන් 150ක් සහ අනෙ­කුත් පොලිස් නිල­ධා­රීන් අවශ්‍ය පරිදි ලබා ගන්නා ලෙස නියෝජ්‍ය පොලි­ස්පති දම­යන්ත විජය ශ්‍රී මහ­තාට උප­දෙස් දුන් බව හෙතෙම කියා සිටි­යේය.

ඒ අනුව සංචා­ර­ක­යන් නිර­න්ත­ර­යෙන් ගැව­සෙන ස්ථාන සඳහා බුද්ධි අංශ නිල­ධා­රීන් මෙන්ම සාමාන්‍ය රාජ­කාරි කරන පොලිස් නිල­ධා­රීන් යොදවා තිබූ අතර වැඩි ආර­ක්ෂා­වක් අවශ්‍ය අව­ස්ථා­ව­ලදී අති­රේක පොලිස් නිල­ධා­රීන් යෙද­වී­මට ද තමා පිය­වර ගත් බව නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

සංචා­ර­ක­යන් නිර­න්තර ගැව­සෙන ස්ථාන­ව­ලට මාර්ග­බා­ධක යෙද­වී­ම­ටත් ඇතැම් සංචා­ර­ක­යන්ට අනා­ර­ක්ෂිත බව හැඟුණු අව­ස්ථා­ව­ලදී ඔවුන් සමඟ ගමන් කිරී­මට පොලිස් නිල­ධා­රීන් යෙද­වී­ම­ටත්, සංචා­ර­ක­යන්ගේ විශේෂ උත්සව අව­ස්ථා­ව­ලදී විශේෂ ආර­ක්ෂා­වක් මෙන්ම බුද්ධි නිල­ධා­රීන් ද යෙද­වී­මට කට­යුතු කළ බව ද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කියා සිටි­යේය.

ආර­ක්ෂාව ඉදි­රි­ය­ටත් එලෙ­සින්ම ලබා­දෙන බව ද, නමුත් මේ වන­විට සංචා­ර­ක­යන්ගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ගැට­ලු­වක් ඇති නොවෙ­තැයි හැඟෙන බව ද කියා සිටි නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා මෙර­ටට ප්‍රධා­නම විදේශ විනි­මය ගලා එන සංචා­ර­ක­යන් නිර­න්ත­ර­යෙන් ආරක්ෂා කරන බව ද වැඩි­දු­ර­ටත්  නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT