Home » රක්වාන ආයු­ර්වේද රෝහල් බිමේ හොරට ගැරූ පතලේ ඉල්ලම් ගෝනි පොලී­සිය භාර­යට

රක්වාන ආයු­ර්වේද රෝහල් බිමේ හොරට ගැරූ පතලේ ඉල්ලම් ගෝනි පොලී­සිය භාර­යට

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

රක්වාන රජයේ ආයු­ර්වේද රෝහල් භූමියේ හොරෙන් මැණික් පතල් හාරා ගොඩ­ගත් බව කියන ඉල්ලම් ගෝනි 19ක් ඊට යාබද ඉඩ­මක සඟවා තිබි­යදී සිය භාර­යට ගත් බව රක්වාන පොලී­සිය පැව­සීය.

කිසි­යම් පිරි­සක් විසින් ආයු­ර්වේද රෝහල පිහිටි ඉඩ­මට රාත්‍රී කාල­යේදී අන­ව­ස­ර­යෙන් ඇතුළු වී පතල් වළ­වල් කපා එහි තිබූ ඉල්ලම් සහිත පස් ගෝනි­වල පුරවා රැගෙන ගොස් ඇතැයි පොලි­සිය පව­සයි.

මේ සම්බ­න්ධ­යෙන් රක්වාන රජයේ ආයු­ර්වේද රෝහල භාර වෛද්‍ය පියල් හෙට්ටි­ආ­රච්චි මහ­තාගේ දැනුම් දීම මත එහි ආර­ක්ෂාව භාර ආර­ක්ෂක නිල­ධා­රියා පොලි­සිය දැනු­ම්වත් කිරී­මට පිය­වර ගෙන තිබිණි.

පසුව එම ස්ථාන­යට ගිය පොලි­සි­යට දැක ගැනී­මට හැකිවී ඇත්තේ ආයු­ර්වේද ඉඩම ආස­න්නයේ පිහිටි ඉඩ­මක ඉල්ලම් සහිත පස් පිරවූ ගෝනි දහ­න­ව­යක් සඟවා තිබෙන බවයි. ඒ අනුව එම ඉඩම අයත් බව පැව­සෙන පුද්ග­ල­යා­ගෙන් කරුණු විම­සී­මේදී ඔහු පවසා ඇත්තේ එම ඉල්ලම් ගෝනි සිය ඉඩමේ පිහිටි පත­ල්වල ඒවා බවයි.

අන­තු­රුව එම ඉල්ලම් ගෝනි දහ­න­වය පොලිස් භාර­යට ගත් බවත් ඒ සම්බ­න්ධ­යෙන් ඉදිරි දින­වල රක්වාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මට පිය­වර ගන්නා බව ද පොලී­සිය පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT