Home » බදු නොගෙ­ව්වොත් මෙන්ඩිස් ඇතුළු අරක්කු සමා­ගම් 5ක ලයි­සන් කැන්සල්

බදු නොගෙ­ව්වොත් මෙන්ඩිස් ඇතුළු අරක්කු සමා­ගම් 5ක ලයි­සන් කැන්සල්

by Gayan Abeykoon
November 14, 2024 1:25 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

රජ­යට අය විය යුතු රුපි­යල් බිලි­යන ගණ­නක බදු ගෙවීම පැහැර හැර ඇති බව කියන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගම ඇතුළු මහා පරි­මාණ මත්පැන් නිෂ්පා­දන සමා­ගම් 5ක්, මෙම මස 30 වැනි දිනට පෙර අදාළ බදු මුදල් ගෙවීම නොක­රන්නේ නම් එම සමා­ග­ම්වල බල­පත්‍ර අත්හි­ටු­වන බවට සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා සහ නීති­ප­ති­ව­රයා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඊයේ (13) දන්වා සිටි­යහ.

බදු ගෙවීම් පැහැ­ර­හැර ඇති මත්පැන් නිෂ්පා­දන සමා­ගම් දහ­යක බල­පත්‍ර වහාම ක්‍රියා­ත්මක වන පරිදි අත්හි­ටු­වන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා සහ නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් නෙරින් පුල්ලේ මහතා මේ බව දන්වා සිටි­යේය.

ප්‍රීති පද්මන් සූර­සේන, යසන්ත කෝදා­ගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳ­වනු ලැබිණි.

එහිදී අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා මේ බව දන්වා සිටි­යේය.

අදාළ කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම් ජන­වාරි 22 වැනි දින යළි කැඳ­වන ලෙස ද අධි­ක­ර­ණය එහිදී නියෝග කළේය.

එම්.එම්. සංජය මහ­වත්ත, සුසන්ද රංජිත් ලිය­නා­රච්චි ඇතුළු 17 දෙනකු විසින් නීතිඥ මංජුල බාල­සූ­රිය මහතා මඟින් මෙම පෙත්සම ගොනු­කර තිබිණි.

සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් එම්.ජේ. ගුණ­සිරි, මුදල් අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමා­ගම, රෝයල් ඩිස්ටි­ල­රීස් පෞද්ග­ලික සමා­ගම ඇතුළු මත්පැන් නිෂ්පා­දන සමා­ගම් පහක් ඇතුළු පිරි­සක් මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

රජයේ ආදා­ය­මෙන් වැඩි කොට­සක් බදු­ව­ලින් අය කර ගැනී­මට රජය සෑම විටම අපේක්ෂා කරන බව පෙත්ස­ම්ක­රුවෝ කියති.

මත්පැන් නිෂ්පා­දන සමා­ගම් සඳහා වාර්ෂික බල­පත් ලබා­දෙන අතර ඔවුන් සුරා­බදු ගෙවී­මට බැඳී සිටින බව ද එම­ඟින් පෙන්වා දී තිබේ.

වග­උ­ත්ත­ර­කාර මත්පැන් නිෂ්පා­දන සමා­ගම් වාර්ෂි­කව ගෙවිය යුතු බදු ගෙවීම වසර කිහි­ප­යක සිට පැහැ­ර­හැර ඇති අතර එලෙස රජ­යට අය විය යුතු මුදල රුපි­යල් බිලි­යන 6කට ආසන්න බව එහි සඳ­හන් වේ.

ඒ බව දැන දැනම ඔවුන්ට නව බල­පත්‍ර ලබා දීමට සහ ලබා දී ඇති බල­පත්‍ර අලුත් කිරී­මට සුරා­බදු කොම­සා­රි­ස්ව­රයා ඇතුළු ඔහුගේ නිල­ධා­රීන් කට­යුතු කර ඇති බවට පෙත්ස­ම්ක­රුවෝ චෝදනා කර සිටිති.

එබැ­වින් එම සමා­ග­ම්ව­ලින් අය විය යුතු බදු මුදල් වහාම අය කර ගැනීම සඳහා සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඇතුළු ඔහුගේ නිල­ධා­රීන්ට නියෝ­ග­යක් ලබා දෙන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

එසේම මෙතෙක් බදු ගෙවීම පැහැ­ර­හැර ඇති මත්පැන් නිෂ්පා­දන සමා­ගම් සහ එම සමා­ගම් ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල පිළි­බඳ තොර­තුරු ඇතු­ළත් වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට නියෝග කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

වග­උ­ත්ත­ර­කාර සමා­ගම වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ රසික් සරුක් මහතා පෙනී සිටි­යේය.

නීති­පති වෙනු­වෙන් අති­රේක සොලි­සි­ටර් ජන­රාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT