Home » සජින් ද වාස් ඇතුළු තිදෙ­නෙක් නිද­හස්
ජන­පති ලේකම් කාර්යා­ලයේ වාහන සිද්ධිය

සජින් ද වාස් ඇතුළු තිදෙ­නෙක් නිද­හස්

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

වසර 2015ට පෙර ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ වාහන සංචි­තයේ තිබූ වාහන 797න් වාහන 309ක් භාර දී නැති බවට චෝදනා ගොනු කර තිබූ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණ­ව­ර්ධන මහතා ඇතුළු සැක­ක­රු­වන් තිදෙ­න­කුට එරෙ­හිව පනවා ඇති නඩුව අව­සන් කරන බවත් එම නඩු­වෙන් සැක­ක­රු­වන් තිදෙනා නිද­හස් කරන ලෙසත් කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (13) නියෝග කළාය.

ඔවුන් එම නඩු­වෙන් මුදා­හ­රින ලෙස නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් ලැබී ඇති බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝ­ගය සිදු කළාය.

නිද­හස් කළ තිදෙ­නාගේ විදේශ ගමන් තහ­නම් ඉවත් කරන ලෙසත් ඒ බව ආග­මන විග­මන පාල­ක­ව­ර­යාට දන්වා යවන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­රි­යට නියෝග කළාය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඇප මත මුදා­හැර ඇති පළමු සැක­කරු මිය­ගොස් ඇති බව මහේ­ස්ත්‍රා­ත්ව­රිය හමුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දන්වා සිටි­යේය.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ වාහන සංචි­තය භාරව කට­යුතු කළ කීර්ති අම­ර­සිංහ දිසා­නා­යක, මොහො­මඩ් ස්මයිල් අහ­මඩ් කබීර්, සජින් ද වාස් ගුණ­ව­ර්ධන, සුදත් අබේ­සිංහ යන අය­ව­ළුන්ට එරෙ­හිව චෝදනා ගොනු කර තිබිණි.

මෙම සිද්ධි­යට අදා­ළව ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ වාහන සංචි­තයේ තිබූ අධි ආර­ක්ෂිත බෙන්ස් කාර් රථය, ලියා­ප­දිංචි නොකළ රෙක්ස්ටන් ජීප් රථය, කැබ් රථය, ලෑන්ඩ් කෘසර් ජීප් රථය ඇතුළු වාහන 20ක් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණ­ව­ර්ධන මහතා භාරයේ තිබූ බවට විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබිණි.

2015 වස­රේදී ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය ප්‍රවා­හන නිල­ධා­රියා පොලි­ස්ප­ති­ව­ර­යාට සිදු කළ පැමි­ණි­ල්ලක් අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශන සිදු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT