ජපානයේ පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම හේතුවෙන් දරුණු පසුබෑමකට ලක්වූ අගමැති ෂිගේරු ඉෂිබා එරට පාර්ලිමේන්තුවේ දෙවැනි ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ජපාන පාර්ලිමේන්තු සැසියේදී අගමැතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ජපාන ව්‍යවස්ථාදායක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක යොෂිහිකෝ නෝඩා පරාජයට පත් කරමින් සිය ධුරය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉෂිබාට හැකිවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කෙසේ වුවද සුළුතර රජයක අගමැතිධුරය දැරීමෙන් ඉදිරියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ඕනෑම පනතක් හෝ අයවැයක් ජයග්‍රහණය කිරීමේ අභියෝගයට මුහුණ දීමට අගමැතිවරයාට සිදුවනු ඇතැයි ද වාර්තා වේ. හිටපු ආරක්ෂක ඇමැතිවරයා ද වන ෂිගේරු ඉෂිබා ජපාන දේශපාලනයේ කීර්තියට පත්වූයේ එරට දීර්ඝතම කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ෂින්සෝ අබේ ඇතුළු ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකයන් විවෘතව විවේචනය කිරීම හේතුවෙනි.