රිදීබැඳිඇළ ව්‍යාපාරයේ සිට නිකවැරටිය, මාගල්ල ජලාශයට ජලය සැපයෙන එම පෝෂක ඇළ මේ වන විට ජලජ ශාකවලින් වැසී යෑම හේතුවෙන් ජලය බැස යෑම සහ තවත් ගැටලු රැසක් මතු වී ඇති බව ගොවි ජනතාව පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, රිදී බැඳිඇළ හා මාගල්ල ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර හත්දහසකට අධික ප්‍රමාණයකට ජලය සැපයීම සඳහා දායක වන මෙම පෝෂක ඇළ මේ වන විට ජපන් ජබර සහ තවත් ජලජ ශාකවලින් වැසී යෑමෙන් මෙම ගැටලුකාරි තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
කටගමුව, කුඹුක්වැව ඇතුළු ගම්මාන හරයා ගලාබසිනා මෙම පෝෂක ඇළෙහි පවතින මෙම ජලජ ශාක ගැටලුව හේතුවෙන් දිය නෑම, වගාවලට ජලය ලබා ගැනීම ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමේදී මෙන්ම ධීවර කටයුතුවලදී ද ජනතාව විශාල අර්බුදයකට මුහුණ දෙන බව ඔවුහු පෙන්වා දෙති.
එසේම මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය ගැටලු ද නිර්මාණය වී ඇති අතර, පෝෂක ඇළ ගොඩවීමේ තර්ජනයකට ද ලක්ව පරිසරයේ සුන්දරත්වයට ද හානි සිදුව ඇති බැවින් මෙම ජලජ ශාක ඉතා ඉක්මනින් ඉවත් කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
නිකවැරටිය – ගයන්දි පමෝදා