තිරප්පනේ, තම්මැන්නාගල රක්ෂිතයේ මාර්ගය ආසන්නයේ තිබී මිය ගිය වන අලියකුගේ සිරුරක් හමුව තිබේ.
තිරප්පනේ වනජීවි නිලධාරීන්ට මෙම වන අලියාගේ සිරුර හමුව ඇති අතර, පසුව අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති ඇතුලු වනජීවි පශුවෛද්‍ය නිළදාරී කණ්ඩායම පැමිණ වන අලියාගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20-25ත් පමණ වයසක පසු වූ පිරිමි වන අලියකු බවත්, බාහිරින් වෙඩි සලකුණු කිහිපයක් නිරීක්ෂණය වී තිබෙන අතර, එක වෙඩි ප්‍රහාරයකින් වන අලියාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන් වලට සිදු වූ හානිය නිසාවෙන් මෙම වන අලියා මියගොස් ඇති බවට තහවුරු වී තිබෙ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තිරප්පනේ වනජීවි කාර්යාලය පරීක්ෂණ සිදුකරයි.
තිසර සමල් අනුරාධපුර