Home » කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ගේ 13 වැනි ගුණ සමරුව 21දා

කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ගේ 13 වැනි ගුණ සමරුව 21දා

by sachintha
November 13, 2024 1:33 am 0 comment

සිංහල භාෂාව හා සාහිත්‍ය ක්ෂේත්‍රයට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ගේ 13 වැනි ගුණ සමරු උත්සවය මේ මස 21 වැනිදා පස්වරු 3.00 ට කොළඹ, පදනම් ආයතනයේදී පැවැත්වේ.මෙහිදී අරිසෙන් අහුබුදු සූරීන් පිළිබඳව ගුණ සිහිකරමින් ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ හෘද රෝග විශේෂ‍‍‍‍‍‍‍‍‍‍ඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා විසිනි.

මෙහිදී අරිසෙන් අහුබුදු පදනම විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව බස්නාහිර පළාතේ පාසල් සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද පද්‍ය රචනා තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT