රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සමීප කරවමින් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් දීම අරමුණු කොටගෙන එම විද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව මේ වැඩසටහන සංවිධාන කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය, එහි කාර්යභාරය හා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුම්වත් කළ අතර, පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් පාසල් කාලයේදීම ගැනීම ඔස්සේ සමාජයේ පවතින ගැටලුවලට පිළිතුරු ගැනීමට පවතින අවස්ථාව පිළිබඳව අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඇලෝසියස් විද්‍යාලයීය විදුහල්පතිවරයා සඳහන් කළේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ගන්නා අත්දැකීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වටිනාකම සහ පාසල් පද්ධතියේ මෙවැනි වැඩසටහන් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම, ආකල්ප වැඩි දියුණුවීම පිළිබඳව අදහස් දක්වමින් කරුණු පැහැදිලි කළේය.
ශිෂ්‍ය ප්‍රජාවට පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගික අවබෝධය දීම අරමුණු කර ගනිමින් ඇරඹී ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවේ කථානායකවරයා තෝරාගැනීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ එහි අමාත්‍යාංශවලට අදාළව මන්ත්‍රීවරුන් තම ඉදිරි සැලැස්ම හා යෝජනා සභාවට දැනුම්දීම ආදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා නිල ලාංඡන පැලඳවීම, සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ පාසල් පුස්තකාලයට ග්‍රන්ථ පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි.
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න