Home » මහත් හරසරින් පැවැති අමෙරිකාවේ කඨින පින්කම්

මහත් හරසරින් පැවැති අමෙරිකාවේ කඨින පින්කම්

by sachintha
November 13, 2024 1:31 am 0 comment

ලෝවැසි බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කඨින පින්කම මහත් හරසරින් පැවැත්වීමට අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික වෙහෙර විහාරස්ථාන පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ බෞද්ධ විහාර රැසක වස් කාලයෙන් පසු කඨින පින්කම් රැසක් ලාංකික හා සෙසු රටවල බෞද්ධයන් විශාල පිරිසකගේ දායකත්වයෙන් පවත්වා තිබෙන අතර, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරින් ද මේ අවස්ථාවලට එක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වොෂින්ටන් DC විහාරයේ කඨින පින්කම උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමියන්ගේ මූලිකත්වයෙන් ද වීට්න් විහාරයේ පින්කම අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායන කටුගස්තොට උපරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් ද සිදු කර තිබෙන අතර, හේගස් ටවුන් හා ෆීට්ස්බර්ග් විහාරවල පින්කම් කරපුටුගල ඉන්දරතන නාහිමියන් සහ ආචාර්ය සුරක්කුලමේ පේමරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ද සිදු කර ඇත. ග්රේටර් වොෂින්ටන්හි මහමෙව්නා අසපුවේ පින්කම කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන්ගේ උපදෙස් මත තලාවේ දමිතබෝධි හා මාතලේ අමිතඛේම හිමිවරුන්ගේ මූලිකත්වයෙන් ද නිම කර තිබේ.

කඨින පින්කම්වලට අමතරව එම විහාරවල වැඩිදියුණුවට අදාළ වැඩපිළිවෙළ රැසක් ද එම දායක දායිකාවන්ගේ මැදිහත්වීම තුළ ආරම්භ වූ අතර, පැමිණ සිටි බැතිමතුන්ට අදාළ සුබසාධන කටයුතු වීට්න් ප්‍රමුඛ විහාරස්ථානවලින් සම්පාදනය කොට තිබීම ද විශේෂත්වයකි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT