Home » 67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවෙන්….

67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවෙන්….

by sachintha
November 13, 2024 1:30 am 0 comment

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය මේ මස 03 වැනිදා සිට 08 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි පැවැත්වූ 67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට සහභාගී වූවාය‍.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපයේ ලේකම්වරිය ලෙස ද ඇය මේ සමුළුව නියෝජනය කළාය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 700කට අධික පිරිසක් මේ සමුළුවට එක්වූහ.

නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ නිව් සවුත් වේල්ස් ශාඛාව විසින් මේ සමුළුව සංවිධාන කෙරිණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථාදායක 180කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අරමුණ තවදුරටත් ශක්තිමත් කරමින් ජාතික, ප්‍රාන්ත සහ පළාත් ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන්, මුලසුන හොබවන නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සමුළුවට සහභාගි වූහ.

ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ විධායක කමිටු සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන මැතිවරණ ක්‍රියාවලිය අධීක්ෂණය කරමින් මැතිවරණ නිරීක්ෂකයකු ලෙස සහභාගි වන ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මූලස්ථාන ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඒ අනුව විනිවිදභාවයෙන් යුතු සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් සහතික කරමින් අදාළ රහස් ඡන්දයේ නිල නිරීක්ෂකයන් දෙදෙනකුගෙන් එක් අයකු ලෙස රෝහණදීර මහත්මිය සහභාගි වූවාය.

 

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT